.jpg)
කෝමාරිකා ප්‍රභේද දෙකකි.
1. වෙරා : කිනෙන්සීස් (vera : kinensis)
2. වෙරා : ලිටොරාලිස් (vera : litoralis) යනුවෙනි.
මුලින් කී ප්‍රභේදයේ පත්‍ර පාදවල පැහැදිලි දම් පාටක් දක්නට ලැබේ. දෙවනුව කී ප්‍රභේදය වෙරළබඩ පෙදෙස්හි හමුවේ. එය මුලින් කී ප්‍රභේදයට වඩා කුඩාය. ලංකාවේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මේ දෙවැනි ප්‍රභේදයයි.
කෝමාරිකාවල ලක්ෂණ අනුව එය ශුෂ්ක ශාකයක් බව කිව හැකිය. එය උතුරු අප්‍රිකාවට දේශීය වූ ශාකයකි. බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ලංකාව හා චීනය ආදී රටවල වැවේ. ශාකයේ ප්‍රචාරණය සිදු වන්නේ මොටෙයියන් මඟිනි. කෝමාරිකා (Liliaceae) කුලයට අයත්ය.
ඖෂධීය වටිනාකම
මෙම ශාකයේ පත්‍ර ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. මාංසල පත්‍රවල අධික ලෙස නානු ඇත. මේවා ඉතා සිසිල්ය. අර්ශස් රෝග හා ගුද මාර්ගය වේළීමේ ආබාධවලදී මේ නානු යොදා පිළියම් කෙරේ. ඒවා ඇස් රෝගවලදී ඇසට දැමීමටද යොදා ගැනේ.
කෝමාරිකා කසට රසය, සිසිල්ය, ඇසට හිතය, මල බුරුල් කරයි. රසායන ගුණයෙන් ඉහළයි. පෙනහලු තුවාල, වාත, පිත හා සෙම කිපීමෙන් ඇතිවූ රෝග, ඉදිමුම්, රුජා, දැවිල්ල, දද, කුෂ්ට, ලේ ගෙඩි හා විවිධ සමේ රෝග නැති කරයි. සෙංගමාල, ගුල්ම, පිලීහා රෝග හා උමතු රෝග ආදියෙන් පෙළෙන අයට හිසේ දැමීම සඳහා පිළියෙළ කෙරෙන තෙල් වර්ගවලට වෙනත් ඖෂධ සමග කෝමාරිකා යොදනු ලැබේ.
නූතනයේ රූපලාවණ්‍ය ශීල්පීන්ට කෝමාරිකා නැතිවම බැරි ද්‍රව්‍යයකි. සම පැහැපත් කිරීම, සමේ ලප පැල්ලම් මැකීම, බිබිලි හා කුරුලෑ සුව කිරීම, සමේ තෙතමනය ඇති කිරීම ආදිය සඳහා කෝමාරිකා මදය හා නානු බහුලව භාවිතා කෙරේ.
“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ අනුග්‍රහය_ en.mr-ginseng.com pattysserie.blogspot.com veradermis.com
1 comments:
කෝමාරිකා වගා කිරීමට අපි කැමැත්තේමු. පැල තොග වශයෙන් ගත හැති තස්ථාන දන්නේ නම් 983nugaliya@gmail.com වෙත දන්වන්න
Post a Comment