දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, November 16, 2015

බටකිරිල්ල [Batakirilla] (Erythroxylum moonii)

බටකිරිල්ල බෙහෙවින් අතු බෙදෙමින් පඳුරක් ලෙස වැඩෙන කුඩා ශාකයකි. පොත්ත ළා දුඹුරු පැහැතිය. පත්‍ර ඉලිප්සාකාර - ලංසාකාරය. පොකුරක 1ක් හෝ 2ක් ලෙස පිහිටා ඇති කුඩා මල් සුදු පැහැතිය. ඵලය කොළ පැහැති බදරියකි. ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. එය කෑමට ගත හැකිය. එක් ඵලයක් තුල එක් බීජයක් පිහිටා ඇත. මෙය ගෘහ අලංකරණය සඳහා ද යොදා ගත හැකි ශාකයකි. එමෙන්ම තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, යාග හෝම ආදිය සඳහා ද බටකිරිල්ල ශාකය යොදා ගනී. ලංකාවේදී සහ ඉන්දියාවේදී හමුවන මෙම ශාකය Erythroxylaceae කුලයට අයත් ය.

ප්‍රධාන වශයෙන් වටපණු, කොකුපණු, කිරිපණු, පටිපණු ආදී පණු රෝග සඳහා සහ මාන්දමට ප්‍රතිකාර කිරීමේදී බට කිරිල්ල ශාකයේ කොළ සහ දළු නොයෙක් ආකාරයෙන් භාවිතා කරයි. බටකිරිල්ල කොළ අව්වේ වියළා කුඩු කොට එම චූර්ණය මී පැණියෙන් කලවම් කර කෑමට දීම. බටකිරිල්ල දළු චූර්ණය හා බැදි හාල් කුඩු මී පැණියෙන් අනා කෑමට දීමෙන් පසු විරේචක ඔසුවක් භාවිතා කිරීමෙන් වටපණුවන් විනාශ වන බව සඳහන්. කුඩා දරුවන්ගේ තද පණු ගායට මෙම ශාකයේ පොතු කෂාය කර පොවන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ සඳහන් වේ. ගම්බද මව්වරු දරුවන්ගේ පණු රෝග සඳහා බටකිරිල්ල කොළ යොදා සාදන අග්ගලා කෑමට දෙති. එමෙන්ම බට කිරිල්ල දළු ව්‍යාංජනයක් ලෙස ද සකසා අහාරයට එක්කර ගත හැකිය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය

Share:

13 comments:

Unknown said...

ඉතාමත් වටිනා බ්ලොග් පිටුවක් ,,,ස්තුති සේවයට,,......

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි ඔබට

Unknown said...

මේවටද ටිකිරිඳිය කියන්නෙ?

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ටිකිරිඳිය නමින් ශාකයක් ගැන අහලා නෑ. Eclipta prostrata ශාකයට කීකිරිඳියත්, Coix lacryma-jobi ශාකයට කිරිඳි කියාත් හඳුන්වනවා. එම ශාක දෙකම ගැන මෙහි විස්තර පලවී තියෙනවා.

Unknown said...

Erithroxylum zeylanicum යනු බටකිරිල්ලමද?

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

Erythroxylum zeylanicum බටකිරිල්ල නෙමෙයි. එය බටකිරිල්ල අයත් ගණයේම අප රටට ආවේනික ශාකයක්.

Anonymous said...

කිරිල්ල සහ බටකිරිල්ල කියන්නේ ජාති දෙකක් ද?

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

කොහු කිරිල්ල, හුනු කිරිල්ල, දිය කිරිල්ල වැනි එකිනෙකට වෙනස් කිරිල්ල වර්ග කීපයක් තියෙනවා. බටකිරිල්ල එයින් තවත් එකක්.

Unknown said...

I have a batakirilla bush at my home..still not try for a dish on it..

Unknown said...

hodai.kohenda ganna puluwan palayak.

Chamal Wickramanayaka said...

ලමයින්ට තද පණු අමාරුවට කොහොමද මේ බටකිරිල්ල ශාකයෙන් ප්‍රතිකාර කරන්නෙ.

Unknown said...

මට කිරිකවෙලු ශාකය ගැන විස්තර ටිකක් හොයල දෙන්න ප්ලීස්. පින්තූර තියනවා නම් ගොඩක්ම වටිනවා

Unknown said...

මේවා කොහෙද තියෙන්නේ?

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support